බොහොම ඉක්මනට අල්ලස් කොමිසම වහලා දාන්න පුළුවන් ! – ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්…

බොහොම ඉක්මනට අල්ලස් කොමිසම වහලා දාන්න පුළුවන් ! – ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්…

අල්ලස් හෝ දූෂණ තුරන් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගෙන යන රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රටපුරා පැවැත්වේ.

අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක එවැනි දැනුවත් කිරීමකදී අවධාරණය කර සිටියේ රාජ්‍ය නිලධාරීන් සහ මහ ජනතාව අල්ලස සහ දූෂණයට එරෙහිව අවබෝධයෙන් කි‍්‍රයා කළ යුතු බවය. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් ස්වේච්ඡාවෙන් තම තමන්ම ගොඩනැගිය යුතු බව එසේ නොවුව හොත් බාහිර පාර්ශ්වයන් ඊට එරෙහිව නැගී සිටිනු ඇති බවත් පෙන්වා දී තිබේ.

මෙහිදී ඔහු අවධාරණය කර සිටියේ රජයේ නිලධාරීන් සහ ජනතාව එක්වී අල්ලස් සහ දූෂණ තුරන් කිරීමෙන් ඉතා ඉක්මනින්ම මෙම කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්යභාරය අවසන් කර, එය වසා දැමීමට හැකිවන බවය.

Facebook
Twitter
LinkedIn