නව බදු ගෙවන්නන් ලක්ෂ 02ක් ලියාපදිංචි වෙලා

නව බදු ගෙවන්නන් ලක්ෂ 02ක් ලියාපදිංචි වෙලා

මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 02ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එසේම එම කාලය තුළ නව සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු සඳහන් කරයි.

මේ අතර, මෙතෙක් ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 02 ඉක්මවා, මේ වනවිට රුපියල් බිලියන 2,080ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්