පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සුන් බුන් වලට යටවී සිටිතැයි විශ්වාස කෙරේ. ඔවුන් මුදවා ගැනීම සඳහා සියළුම වගකිවයුතු රාජ්‍ය ආයතන මේ මොහොතේත් මැදිහත් වෙමින් සිටී.
දැනටමත් නුවර කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය සියළුම දෙනාගෙන් ඉල්ලා සිටී.
භාවිතා කළ හැකි විකල්ප මාර්ග පහත පරිදි වේ.
1). ගනේතැන්න මහන්තේගම හරහා නුවර දෙසට
2). මාවනැල්ල හෙම්මාතගම හරහා නුවර දෙසට
3). මාවනැල්ල හතරලියද්ද හරහා නුවර දෙසට
නුවර සිට කොළඹ දෙසටද මෙම මාර්ග භාවිතා කළ හැකි ය.
මෙම ආපදා තත්වය නිරීක්ෂණය කිරීමට සහ රෝහල්ගත කර සිටින තුවාලකරුවන්ගේ තත්වය සොයා බැලීමට පරිස ඇමති වෛද්‍ය දම්මික පටබැඳි එහි ගොස් සිටි ආකාරයද දැකගත හැකි විය.
ආපදා අවස්ථාවේදී අවදානම් තත්වයද නොතකා මැදිහත් වන සියළුම දෙනා වෙත ස්තුති වන්ත වන බවත් මියගිය සියළුම දෙනාගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් පරිස ඇමති වෛද්‍ය දම්මික පටබැඳි එහිදී පැවසීය.






















