මත්ද්‍රව්‍ය ඇතැයි සැකයට ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය ඇතැයි සැකයට ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බහුදින ධීවර යාත්‍රාව සමග අදාළ පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදීය.

මේ වනවිට අදාළ සැකසහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn