ඉන්ධන මිල වෙනස්වෙයි

ඉන්ධන මිල වෙනස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල්වල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05 කින් අඩු කර ඇති අතර මෙතෙක් රුපියල් 299කට පැවති එහි නව මිල ගණන් වනුවෙන් රුපියල් 294කි.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර මෙතෙක් රුපියල් 313කට පැවති එහි නව මිල ගණන් වනුවෙන් රුපියල් 318කි.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල නොවෙනස්ව පවතී.

Facebook
Twitter
LinkedIn