ප්‍රවාහන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන තෝරා ගත් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ම යම් කණ්ඩායමක් ක්‍රියාත්මක වෙමින් සිටින බව අනාවරණය වේ.
රාජ්‍ය ආයතන ඇතුළු මූල්‍ය බරපැන දැරීමේ ආයතන ගණනාවකට එම දුම්රිය ස්ථාන නවීකරණය කිරීම පවරා දී තිබේ. එහෙත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සහ සැලසුම් ශිල්පීන් මේ සම්බන්ධයෙන් වගකීමකින් තොර ආකාරයකින් කටයුතු කරන බව අනාවරණය වේ.
නවීකරණයට යෝජිත දුම්රිය ස්ථාන සම්බන්ධයෙන් රජය වැඩි දුරටත් සොයා බැලිය යුතු බවත්, එක් එක් දුම්රිය ස්ථාන සම්බන්ධව ඉටු කළ යුතු නවීකරණ කටයුතු මොනවා දැයි අමාත්‍යවරයාගේ දැඩි අධීක්ෂණය යටතට පත් කළ යුතු බවත් අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ. එවැනි අධීක්ෂණයක් නොකළහොත් සම්පූර්ණ ව්‍යාපෘතිය ම අසාර්ථක කරනු ඇති බවට සැක පළ කර ඇත.
1,686










