එක්සත් රාජධානිය ලංකාවට තිබූ තීරු බදු තවදුරටත් ලිහිල් කරයි

එක්සත් රාජධානිය ලංකාවට තිබූ තීරු බදු තවදුරටත් ලිහිල් කරයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් තවත් භාණ්ඩ තීරුබදු රහිතව එක්සත් රාජධානියට ඇතුළු වීමට හැකියාව පවතින බව එක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව වෙළඳ පියවර අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වඩාත්ම වැදගත් ධනාත්මක වෙනස වන්නේ විශේෂයෙන් ඇඟලුම් අංශය සඳහා නීති ලිහිල් කර තිබීමයි.

ආහාර ඇතුළු භාණ්ඩ කීපයක් සඳහාද මෙම තීරුබදු සහනය ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn