එහෙන් ජර්මනිය – මෙහෙන් චීනය!

එහෙන් ජර්මනිය – මෙහෙන් චීනය!

ශ්‍රි ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මෙරට රාජ්‍යතාන්ත්‍රිකයින් ජර්මනියේ නිල සංචාරයක යෙදුණු අතර, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන ම පාර්ශවකරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිතයින් පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවක් අනුව එරට සංචාරයක යෙදෙමින් රට ගොඩනැගීම පිළිබඳ අත්දැකීම් ලබා ගනිමින් සිටිති.

පසුගිය 12 වෙනි දින චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානීන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡා මෙන් ම, එරට ජයග්‍රහණවල අත්දැකීම් බෙදා ගත් ආකාරය පිළිබඳ වැඩි විස්තර පහත දැක්වේ.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් (Xu Lin) සහෝදරයා හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් (Xu Lin) සහෝදරයා ඇතුළු එම ප්‍රාන්තයේ ඉහළ මට්ටමේ දේශපාලන නායකයින් පිරිසක් සමග පසුගිය 12 වන දින සාකච්ඡාවක නිරත වූ අතර එම හමුවේදී ක්ෂියු ලින් (Xu Lin) සහෝදරයා විසින් ඉතා උණුසුම් ලෙස ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පිරිස පිළිගණු ලැබීය. මෙම සාකච්ඡාව පැවතියේ ගුයිජෝ ප්‍රාන්තයේ පිහිටි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙිදීය.

මෙම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ලද ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම් එක්ක කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් (Xu Lin) සහෝදරයා, මෙම හමුව තුළින් ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් වන බව සඳහන් කළේය.

එමෙන්ම මෙම සංචාරයේදී අත්දැකිම් විශාල ප්‍රමාණයක් එක්කර ගැනිමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඒහිදී ඔහු සඳහන් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අද වනවිට චීනය ලොව දැවැන්තම ආර්ථිකයක් හිමි රටක් බවට ඔසවා තබා ඇති බවත් එය චීන ජනතාව ලද ජයග්‍රාණයක් බවත් ඒ් වෙනුවෙන් ෂී ජින් පින් සහෝදරයා ඇතුළු නායකයින් විශාල කාර්ය භාර්යයක් ඉටු කොට ඇති බවත් මෙහෙදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අවධාරණය කළේය.

මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ්.එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍ර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු සහෝදර සහෝදරියන් පිරිසක් එක්වී සිටි අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ කාරක සභික ගූ ක්ෂිවෙන් (Guo Xiwen), ගුයිජෝ ප්‍රාන්තයේ උප නගරාධිපති සන්ග් ජින්පින් (Zhang Jingping), චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ, උප ඇමති සන් හයියන් (Sun Haiyan) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂක ජනරාල් ලින් තාඹ් (Lin Tao) සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ උප අංශ ප්‍රධානී වෙන් ජන් (Wen Jun) ඇතුළු සහෝදර සහෝදරියන් පිරිසක් එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn