සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ අනුගමනය කරන ක්‍රියාමාර්ගවලට එරෙහිව පිරිසක් නැගී සිටින ආකාරයට ම රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ද නැවත වටයකින් අභ්‍යන්තර අරගල දියත් වී තිබේ.
කොළඹ මහ නගර සභාවට සජිත් පිලෙන් ඉදිරිපත් කර සිටින සභාපති අපේක්ෂකයාට විරුද්ධව රනිල් පිලේ නගර සභා සභික රම්සි ටෝනි විවෘතව ම කරුණු දක්වා ඇත. ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ දශක දෙකකට අධික කාලයක් වංචාව සහ දූෂණයට එරෙහිව ක්‍රියා කරන තමන් සජිත් පිලේ දූෂිත නගරාධිපති අපේක්ෂකයා හට ඡන්දය ලබා නොදෙන බවයි.
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ රීසා සාරුක් නැමැති නගරාධිපති අපේක්ෂකයා රුපියල් මිලියන 17ක් මේ වනවිටත් නගර සභාවට ගෙවිය යුතුව ඇති බවයි.
1,924










