හොරොව්පොතාන ආසන සංවිධායකත් සජබෙන් ඉල්ලා අස්වෙයි

හොරොව්පොතාන ආසන සංවිධායකත් සජබෙන් ඉල්ලා අස්වෙයි

හොරොව්පොතාන ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායක අනුර බුද්ධික එම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අනුර බුද්ධික හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වේ.

ඊට අදාළ ලිපිය, පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට ලබා දුන් බව ඔහු සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ සංවිධායකින් ඉල්ලා අස්වීමේ ප්‍රවනතාවයක් ආරම්භ වී තිබේ. ඒ අනුව මාතලේ, ගාල්ල, කොළඹ ආදී දිස්ත්‍රික්ක කිහිපයකම ආසන සංවිධායකින් ඉල්ලා අස්වී තිබිණි.

Facebook
Twitter
LinkedIn