මන්ත්‍රී ගලප්පත්තිගේ වැලිගම ගෝලයා රුපියල් කෝටි පහළොවක රත්රන් මංකොල්ලයකට FCIDයෙන් අත්අඩංගුවට

මන්ත්‍රී ගලප්පත්තිගේ වැලිගම ගෝලයා රුපියල් කෝටි පහළොවක රත්රන් මංකොල්ලයකට FCIDයෙන් අත්අඩංගුවට

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට වැලිගම ප්‍රාදේශීය සභාවෙන් තෑගි පෙට්ටිය යටතේ තරග කරන ලද කණ්ඩායමේ නායකයා මීට ටික වේලාවකට පෙර FCID එක මගින් අත්අඩංගුවට ගෙන ඇත මොහොමඩ් රිම්සාඩ් වන මොහු 2016 වර්ෂයේ කොළඹදී සිදුවූ මංකොල්ල කෑමකින් හොරාගන්නා ලද රත්රන් කිලෝ පහක් විකිණීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහි වර්තමාන වටිනාකම කෝටි 15 කි. කලක සිට මෙවැනි ජාවාරම් රැසක් සිදු කර ඇති මොහුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

වැලිගම ප්‍රාදේශිය සභාවේ තෑගි පෙට්ටිය යනු සමගි ජන බලවේගයේ චතුර ගලප්පත්ති විසින් තෝරාගත් නාම ලේඛනයකි. අවසන් මොහොතේ රෙහාන් ජයවික්‍රම විසින් වෙනත් නාම ලේඛනයක් දැමීම හේතුවෙන් මොවුන් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් විය.

අත්අඩංගුවට පත් වූ මොහොමඩ් රිම්සාඩ් නැමැත්තාගේ ව්‍යාපාරික සගයා සමගි ජන බලවේගයේ දෙණිපිටිය කොට්ටාසයේ හිටපු මන්ත්‍රී අජ්මාල්ය. ස්වාදීන වේශයෙන් වැලිගම ප්‍රදේශිය සභාවේ බලය ඇල්ලීමට ඉව අල්ලන්නේ මෙවන් කණ්ඩායමකි.

Facebook
Twitter
LinkedIn