නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රට සභාපති ධුරයක්

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රට සභාපති ධුරයක්

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පත්ව ඇත.

එම කාරක සභාවේ මංගල රැස්වීම අද (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක විසින් යොජනා කර තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු විසින් ස්ථිර කර කර තිබේ.

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn