ආනයනික ලුණු අද සිට දිවයිනට

ආනයනික ලුණු අද සිට දිවයිනට

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගය අද (21) රාත්‍රියේ සිට දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ පවසයි.

ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2,800ක් ඊට අයත් බවද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn