රනිල් සජිත් දීගේ දවස් තුනෙන් කැඩිලා

රනිල් සජිත් දීගේ දවස් තුනෙන් කැඩිලා

ජාතක ජන බලවේගයට එරෙහිව රනිල් වික්‍රමසිංහ පිල සහ සජිත් ප්‍රේමදාස පිල අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ගෙන යාමට සැලසුම් කර තිබූ ක්‍රියාමාර්ග මුළුමනින් ම බිඳ වැටී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් ම, කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීම සඳහා එම දෙපාර්ශවය ඇතුළු කිහිප දෙනෙකු උත්සාහ දරා තිබිණි. එම මහ නගර සභාවට තේරි පත්වී සිටින ස්වාධීන කණ්ඩායම් කිහිපයක සභිකයින් 13 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරනු ලැබීය.

ඉන් පසුව, රනිල් – සජිත් දෙපිල සහ ඔවුන් සමඟ එක්වීමට සැලසුම් කර සිටි වෙනත් පළාත් පාලන ආයතනවල සභිකයන් ද පසුබා ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn