රනිල්ගේ අලුත්ම කුමන්ත්‍රණයේ ප්‍රධානියා පිල්ලෙයාන්!

රනිල්ගේ අලුත්ම කුමන්ත්‍රණයේ ප්‍රධානියා පිල්ලෙයාන්!

රඳවා ගැනීමේ නියෝග මත බන්ධනාගාරගත කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කිරීම ඔහු විසින් සැලැසුම් කර තිබෙන දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රධාන හවුල්කරුවා පිල්ලෙයාන් වී සිටින බව නිරීක්‍ෂකයන්ගේ මතය වී තිබේ.

රනිල් වික්‍රමසිංහ නීතිය පිළිබඳව මනා අවබෝධයකින් මෙන් ම රඳවා ගැනීමේ නියෝග සම්බන්ධයෙන් ද එවැනි ම අවබෝධයකින් සිටින අතර, පිල්ලෙයාන් හමු වීමට උත්සාහ කිරීම ප්‍රබල දේශපාලන කුමන්ත්‍රණයක මුල් පියවර ලෙස සැලැකිය හැකි යැයි විවිධ අංශවල නිරීක්‍ෂකයන්ගේ මතය වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ නීතිඥයන් විසින් පෙන්වා දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ද නීතිඥයකු වී සිටින අතර, නීතිය නොදන්නා සේ කටයුතු කළ බොහෝ අවස්ථාවල දී දේශපාලන කුමන්ත්‍රණ සිදු කර ඇති බවයි.

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී. ඒ අතර, පාස්කු දින ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ද පිල්ලෙයාන් හට ප්‍රබල චෝදනා ඔහුගේ ම පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ අසාද් මවුලානා විසින් එල්ල කර තිබේ. ඇතැම් නිරීක්‍ෂකයන් පෙන්වා දෙන්නේ පිල්ලෙයාන්ගෙන් මේ සම්බන්ධයෙන් ද වැඩිදුර කරුණු සොයමින් සිටින බව ය.

Facebook
Twitter
LinkedIn