මහියංගනය සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් කප්පම් ලබා ගැනීමට තැත් කළ දෙදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහියංගනය සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට වැල්ලවාය බුදුරුවාගල ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස් කර, බස් රථය නවත්වා එගි ගමන්ගත් රියදුරුට සහ සහයකට පහරදීමට උත්සාහ දරා තිබේ.
ඒ අදාළ සැකකරුවන් බස් රථයෙන් කප්පම් ඉල්ලා ඇති නමුත් එය ලබා දීමට බස් රථයේ රියදුරු සහ රිය සහායක එකඟ නොවීම හේතුවෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අද (28) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.










