නාමල්ට කරන දේ කියන්න… CIDය නීතිපතිගෙන් විසමයි…

නාමල්ට කරන දේ කියන්න… CIDය නීතිපතිගෙන් විසමයි…

අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව ඇති පැමිණිල්ල ආදාළ විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපති මතය විමසමින් යොමු කර ඇති බව අද (13) අධිකරණයේදී අනාවරණය වී තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් අගෝස්තු මස 07 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කර ඇත.

එදිනට විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කර තිබේ.

මෙහි සෙසු සැකකරුවන් වන්නේ නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශ බංඩාර ගනේගොඩ යන අයයි.

මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ, මිලියන 15 මුදලක් සාපරාදී සාවද්‍ය පරණ හරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුවය.

Facebook
Twitter
LinkedIn