සමුපකාරයක් වැනසූ ප්‍රසන්නගේ ගෝලයන්ට වසර 07ක තහනමක්

සමුපකාරයක් වැනසූ ප්‍රසන්නගේ ගෝලයන්ට වසර 07ක තහනමක්

සීමාසහිත මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ හිටපු සභාපති ඇතුළු පිරිසකට එම සමුපකාර සමිතියේ හෝ වෙනත් ලියාපදිංචි සමුපකාර සමිතියක හෝ කටයුතු කිරීම අවුරුදු 07කට අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ මේ සම්බන්ධයෙන් තොරතුරු විසමමින් ජාතික ජන බලවේගයේ පාරල්ලිමේන්තු මන්ත්‍රී යොමු කළ ලිපියකට පිළිතුරු ලබාදෙමිනි.

මෙලෙස තහම් නියෝග ලබා ඇත්තේ, බී.එල් මහින්ද බාලසූරිය, එල්.කේ.එච් රාජරත්න, ආර්.ඒ රත්නදාස, එම්. රේමන්, එච්.ඒ සොමිපාල, ඩබ්ලිව්.පී.ජේ වීරසිංහ, අජිත් සිසිර කුමාර, එම්.බී ෂෙනාල් සුරංග සහ එස්.ඒ.එම්.ඒ.එස් සේනානායක යන 09 දෙනාය.

ඔවුන් හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රබල ආධාරකරුවන් පිරිසකි.

ඊට අදාළ ලිපිය පහතින් දැක්වේ,

Facebook
Twitter
LinkedIn