මූල්‍ය අපරාධ සහ අපරාධ විමර්ශන සඳහා විශේෂ මෙහෙයුම් පොලිස් කොට්ඨාසයක් ආරම්භ කිරීමත් සමඟ පොලිසියේ ස්ථාන මාරුවීම් 139ක් සිදු කරමින් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ව විධිවිධාන සලස්වා තිබේ.
මේ යටතේ, පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස සිටි විශාල නිලධාරීන් පිරිසක් සාමාන්‍ය රාජකාරී දක්වා තනතුරින් පහත හෙළා ඇත. ඒ අතර කිහිප දෙනෙකු වැඩ තහනමට ලක්කර සිටීම ද විශේෂත්වයකි. අද (13) සිට ක්‍රියාත්මක වන පරිදි සහ ලබන 18 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම නව ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.
පොලිස් ස්ථානාධිපතිවරු 134 දෙනෙකු සහ ඉන් ඉහළ නිලයන් 5ක් වශයෙන් 139 දෙනෙකු මේ ආකාරයට ස්ථාන මාරු කිරීම්වලට යටත් කර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ ඉතිහාසය තුළ එක වර මෙතරම් විශාල පිරිසක් ස්ථාන මාරු කිරීම් සිදුකළ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වේ. පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතිය සහිතව එම සියලු මාරු කිරීම් සිදුකර තිබේ.










