වී මිලදී ගැනීමේ රජයේ අවම මිල ප්‍රකාශ කරයි…

වී මිලදී ගැනීමේ රජයේ අවම මිල ප්‍රකාශ කරයි…

මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වන රජයේ අවම මිල මීට සුළු මොමොතකට පෙර ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් රජයට වී මිලදී ගනු ලබන මිල ගණන් පහත පරිදිය.

නාඩු වී කිලෝ එකක් රුපියල් 120යි.

සම්බා වී කිලෝ එකක් රුපියල් 125යි.

කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් 132යි.

මෙම මිල ප්‍රකාශ කරනු ලැබුවේ, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත, කෘෂිකර්ම, පශුසම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න, නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී සරත් සහ වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම මිල ගණන් තීරණය කරනු ලැබුවේ සහල් මිලිත් ගොවියාගේ නිෂ්පාදන වියදමත් ගැන සිතමින් යැයි එහිදී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත පැවසීය.

Facebook
Twitter
LinkedIn