ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට…

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්… GovPay පෙබරවාරි 07 සිට…

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 07 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn