දිනකට නිකුත් කරන පාස්පෝට් ප්‍රමාණය 2500 දක්වා වැඩි කිරීමට ආගමන විගාමන දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ආමාත්‍යාංශය පවසයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආන්නද විජේපාල සඳහන් කරන්නේ, මීට පෙර දිනකට නිකුත් කළේ දිනකට ගමන් බලපත්‍ර 1,200ක් පමණක් බවය.
ඔහු තවදුරටත් පවසන්නේ, කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක්ද විවෘත කර ඇති බවය.
එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආන්නද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Views: 0










