ආනයනික සහල් තොග පැය 04ක් තුළ වරායෙන් නිදහස් කිරීමට රේගුවෙන් පියවර

ආනයනික සහල් තොග පැය 04ක් තුළ වරායෙන් නිදහස් කිරීමට රේගුවෙන් පියවර

ආනයනික සහල්, වරායට ගොඩබා පැය 04ක් ඇතුළත නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ආනයනය කෙරෙන සහල් හැකි ඉක්මනින් වෙළඳපොළට නිකුත් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කරයි.

රජය මේ වනවිට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 70,000ක් පමණ ගෙන්වීමට ආනයනකරුවන්ට අවස්ථාව ලබාදී ඇති බවත්, එම තොග වරායට පැමිණ පැය 04ක් වැනි කාලයක් තුළ මුදාහැරීමට කටයුතු කරන බවත් රේගු මූලස්ථානයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසීය. මෙම සහල් තොගය බොහෝ විට කන්ටේනර් 2,500ක් 3,000ක් වැනි ප්‍රමාණයකින් ගෙනයෑමට හැකි බවත්, මේ වනවිට භාණ්ඩ මුදාහැරීම සඳහා ක්‍රියාත්මකව පවතින අංගන 03, 04 දක්වා වැඩිකර ඇති බවත් ඔහු කීය.

මේ සඳහා දායක වන අනෙකුත් රාජ්‍ය ආයතන සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn