පලස්තීනයේ නිදහස, විමුක්තිය සහ අභිමානය වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කරගෙන යනු ලබන අරගලයේ තවත් සුවිශේෂී වැඩසටහනක් වූ එක්සත් ජාතීන්ගේ පලස්තීන සහයෝගීතා දිනය පසුගිව නොවැම්බර් 29 දින කොළඹදී පැවැත්විණි.
ගෝලීය දේශපාලන වේදිකාවේ දැඩි සේ අවධානයට ලක්ව ඇති පලස්තීන අරගලය කාලයෙන් කාලයට විවිධ ස්වරූපයෙන් ඉදිරියට පැමිනෙයි.
විටෙක එය පලස්තීන සටන්කාමින් ඊශ්‍රායල් හමුදා සමග කරන ගරිල්ලා යුද්ධයක් විය.
තවත් විටෙක ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රංශය සහ අධිපතිවාදී බටහිර රටවල පූර්ණ සහය ඇතුව පලස්තීන ජනතාවට එරෙහිව ඊනියා ජුදා රාජ්‍ය රැක ගැනීමට කරන ඊශ්‍රායල් හමුදා විසින් සිදු කරන මිලේච්ඡ යුද්ධයක් විය.
තවත් විටෙක අර්ථ සුන් විසඳුම්වලින් අවසානයට පත්වූ සාම සාකච්ඡා සමුදායක් විය.
ලෝකය පුරා ජීවත් වෙන අතිමහත් ජනතාවගේ විරෝධතාවය ඇමෙරිකාව ප්රමුඛ ආක්රමණික ඊශ්‍රායල් හමුදාට එරෙහිව පැවතියද ඇමෙරිකාව බ්‍රිතාන්‍යය ප්රමුඛ රටවල් තවමත් ආක්රමණික ජාතිවාදී සහ ආගම්වාදී ඊශ්‍රායලය ආරක්ෂා කරමින් සිටිති.
මෙවන් වාතාවරණයක ලෝකය පුරා සිටින පලස්තීන සහයෝගීතා ව්‍යාපාර කුමන ආකාරයට පලස්තීන ජනතාවගේ නිදහස සහ අභිමානය වෙනුවෙන් කෑමර දුන්නදද දිනෙන් දිනම පලස්තීන ජනතාවට තමන්ගේ ජීවිත අහිමි වෙමින් පවතින අතර ඔවුන්ගේ පලස්තීන නිදහස් රාජ්‍ය ලෝක සිතියමින් මැකී යන තත්ත්වයකට පත්වෙමින් පවතී.
ආක්රමණික ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව කරන මිලේච්ඡ ක්‍රියාවන් කිසිවක් නතර කර නැත. එය හුදු ඊශ්‍රායල් ආණ්ඩුවේ සහ හමුදාව විසින් කරනු ලබන ක්‍රියාවලියක් පමණක් නොවැ 29 වන දින පැවති එක්සත් ජාතීන්ගේ පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් ප්‍රධාන දේශනය ඉදිරිපත් කළ මහාචාර්ය ලියනගේ අමරකීර්ති පළ කළ අදහස අතිශයින්ම වැදගත් වන්නේ ඒ නිසාමය.
හුදු හෙළාදැකීම් සහ සහයෝගය පළ කිරීම්වලින් ඈතට දිවෙන තිරසාර ප්‍රායෝගික විසදුමක් ඉදිරිපත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඔහු විසින් පෙන්වා දෙන ලදී.
මහාචාර්ය ලියනගේ අමරකීර්තිට අනුව ඉතිහාසයේ ශිෂ්ඨාචාරයට එරෙහිව දරුණුම මිනිස් ක්‍රියාරකම් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරමින් පවතී. අතීතයේ ක්‍රිස්තියානි යුරෝපයේ ඛේදනීයම ඉරණමක වින්දිතයන් බවට පත්වූ ජුදා ජාතිකයන් විසින් නිර්මාණය කරගත් රාජ්‍යයක් තවත් ජන කොටසකට එරෙහිව තමන් ලද පීඩනයට වඩා පීඩනයක් එල්ල කිරීම කිසිසේත්ම අදහා ගත නොහැකිය.
පලස්තීනයේ ඊශ්‍රායල් හමුදා බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින පදිංචිකරුවන් පලස්තීන ජාතිකයන්ට අයත් ඉඩම් ඉතා අධික මිලක් ගෙවා මිලට ගැනීමෙන් සහ ඊශ්‍රායල් හමුදා සහ රජයේ සහයෝගයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සිදුවේ.
මෙය සැබවින්ම මිලිටරි ව්‍යුහයක් තුළ කරනු ලබන ඉඩම් අත්පත් කර ගැනීමකි. මේ සඳහා යොමුවී සිටින පදිංචිකරුවන් ජුදා මූලධර්මවාදීන්වේ. දිනෙන් දින මේ මූලධර්මවාදීන්ගේ වැඩිවීමක් දැකිය හැකි අතර ඊශ්‍රායලයේ ආණ්ඩු පත් කර ගැනීම සිදුවන්නේ ඔවුන් විසිනි.
එවැනි මූලධර්මවාදී ඊශ්‍රායල් පාලනයක් තුළ පලස්තීන ජනතාවට සිදුවන පීඩා කිරීම් ඉදිරියේ දී නතර වෙනු හෝ අඩුවෙනු ඇතැයි සිතිය නොහැක.
මහාචාර්ය ඩේවිඩ් සුල්මන් උපුටා දක්වමින් ඔහුගේ මෑතකාලීන විද්‍යුත් ලිපියක සඳහන් කර ඇති සටහනක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් බෙදා ගත්තේය.
එම විද්‍යුත් ලිපිනයේ සඳහන් වන්නේ අතිශයින්ම වෙහෙසට පත් වී සිටින පලස්තීනුවන් දෙදෙනකුගේ සංවාදයක කොටසකි.
” අපට මහන්සි,
අපට හොඳටම මහන්සියි.
අපිට තවදුරටත් මේ විදිහට ජීවත්වීම අමාරුයි!!
අපි දෙගොල්ලන්ටම එකට ජීවත් විය හැකි මාර්ගයක් ඉක්මනින්ම සොයා ගත යුතුය”
ඊශ්‍රායලය තුළ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන මූලධර්මවාදය රාජ්‍ය සහ හමුදා ව්‍යුහයක් තුළ සිදුවේ.
එදා පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලය පිලි නොගත්තා සේම අද හමාස් සංවිධානයද ඊශ්‍රායල් රාජ්‍යය පිළිගන්නේ නැත.
තමන් පිළි නොගන්නා රාජ්‍යයක් සමඟ හමාස් සංවිධානයට සාකච්ඡාවක් කළ නොහැකි අතර ඊශ්‍රායලයද එයට සූදානම් නැත.
අර්බුදයකට විසඳුම් ලෙස සාකච්ඡාවක් නිර්මාණය නොවන්නේ නම් නියත වශයෙන්ම යුද්ධය තවදුරටත් පවතිනු ඇත. යුද්ධයකට කෙලවරක් ද නැත.
“අපි කිසිවිටක යටත් නොවෙමු.
අපි අපගේ අරගලය නිදහස වෙනුවෙන් ඉදිරියටත් ගෙන යමු යැයි හමාස් සංවිධානයේ සටන් පාඨය ගැන සාමාන්‍ය පලස්තීන ජනතාව තුළ ඇත්තේ කෙබඳු සහයෝගයක් දැයි විමසා බැලිය යුතුව ඇත.
මේ සියල්ල අතරේ දිනෙන් දින අර්බුදයේ වින්දිතයන් බවට පත්ව සිටින පලස්තීනුවන්;
“අපට දැන් මහන්සියි, අපට හොඳටම මහන්සි!” කියන අතර ඊශ්‍රායෙල් සහ පලස්තීන ජාතිකයන්ට එකට ජීවත් විය හැකි විසඳුමකට මාර්ගයක් සොයා ගත යුතු යැයි කියති.
එසේනම් ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදයට විසඳම සොයා ගත යුත්තේ එම මාර්ගය කුමක්දැයි හඳුනා ගැනීමෙනි.
හමාස් සංවිධානය ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නොපැවතිය යුතුය යන සටන් පාඨයට දැන් වලංගුභාවයක් නැත.
ඊශ්‍රායලය සහ පලස්තීනය යනුවෙන් රාජ්‍ය දෙකක් පැවතිය යුතු යැයි කරනු ලැබූ ජාත්‍යන්තර විසඳුම් යෝජනා දැන් ඉතිහාසයට එක්ව ඇත.
එසේනම් තිරසාර විසඳුම කුමක් විය යුතුද?
ලෝකය පුරා සිටින පලස්තීන සහයෝගීතා ව්‍යාපාරවල අභියෝගය මේ තිරසාර විසඳුම කුමක්දැයි සොයා ගැනීමය.
ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුවේ සභාපති, අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයාගේ මෙහෙයවීමෙන් කොළඹ ලක්ෂ්මන් කදරගාමර් කේන්ද්‍රයේ පැවැතියේ මෙම වැඩසටහනට ආගමික නායකයින්, ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයින් සහ විදේශ තානාපතිවරු ගණනාවක් ඇතුළුව සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
අරුණ ශාන්ත නෝනිස්
2024.11.30



















