පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්, ඔවුන් නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් තම ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර භාරදිය යුතු කාලය අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ.
පසුගිය වසරේ සම්මත කරන ලද මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙතද ජාතික ලැයිස්තු අපේක්ෂකයින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත වාර්තා භාරදිය යුතු බව එම මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මේ වනවිට මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1,985 දෙනෙකු අදාළ වාර්තා ලබා දී ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කරයි.
තවද, නියමිත කාල සීමාවට පෙර අදායම් වියදම් වාර්තා භාර නොදෙන්නේ නම් මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනතට අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් කිහිප දෙනෙකුද අදාළ වාර්තා ලබා නොදීමේ සිදුවීමක් වාර්තා වූ අතර සිලිණ්ඩරය ලකුණෙන් තරඟ කළ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබා දුන් තනි A4 පිටුවක මුදල් වාර්තාවේ නිරවද්‍යතාවය පිළිබඳව පවතින සැකය සම්බන්ධයෙන්ද පසුගියද දිනවල මාධ්‍ය වාර්තා පල විය.










