සෑම සතොස ගබඩාවකටම අද (06) දහවල් 12.00 සිට පැය 04කට වරක් සහල් කිලෝ දහඅට දාහක් (18,000Kg) ලබාදීමට මෝල් හිමියන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේදී නව රජයේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයට එක් වෙමින් සඳහන් කළේ මේ වනවිට සතොස හරහා රජයේ පාලන මිග ගණන් යටතේ සහල ලබාගත හැකි බවය.
මේ වනවිටත් කුරුණෑගල, වැලිසර, රත්මලාන සහ අනුරාධපුර ආදී සතොස ගබඩා වෙත අදාළ සහල් තොග මුදාහරින ආකාරය දැක්වෙන ඡායාරූප අප වෙත ලැබී තිබේ.






Views: 0










