ආණ්ඩුව නිහඬවම දැවැන්ත ජයග්‍රහණ ගණනාවක් රටට අත් කර දීලා

ආණ්ඩුව නිහඬවම දැවැන්ත ජයග්‍රහණ ගණනාවක් රටට අත් කර දීලා

පසුගිය මස 14 වැනි දින පවත්වන ලද මහා මැතිවරණයෙන් තේරී පත් වූ වර්තමාන ආණ්ඩුව මේ වන විටත් නිහඬවම දැවැන්ත ජයග්‍රහණ ගණනාවක් රටට අත් කර දී තිබෙන බව අනාවරණය වේ.

මෙම ජයග්‍රහණ අතර මුලින් ම පවතින්නේ රජයට බදු නොගෙවා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කට්ටි පනිමින් සිටි මත්පැන් නිෂ්පාදන සමාගම් ගණනාවකින් හිඟ බදු අය කර ගැනීම ය. ඊට අමතරව ජාතිවාදී වෛරය පැතිරූ පුද්ගලයන් හට ඒ ආකාරයෙන් ම එම ප්‍රචාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට රට පරිවර්තනය කර තිබීම ද සුවිශේෂී ජයග්‍රහණයක් බව විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම රාජපක්‍ෂලා වෙනුවෙන් ජාතිවාදී, වෛරීසහගත ප්‍රචාර ගෙන ගිය චීවරධාරියකු චීවරය අත්හැර දමා රටින් පලා යන තත්ත්වයට ඔවුන්ගේ මතවාද පරාජය කර තිබේ.

ඊට අමතරව මේ වන විට පොලිසියේ ඉහළ නිලතලවල සැලැකිය යුතු වෙනස්කම් රැසක් සිදු කරමින්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත් කිරීම ද විශේෂ අගැයීමකට ලක් වී තිබේ. එමෙන්ම වර්තමාන රජය යටතේ ලෝකයේ සංචාරක ගමනාන්ත අතුරින් තනිව සංචාරය කරන්නන් සඳහා සුදුසු අංක එකේ රට බවට ලංකාව පත් කර තිබීම ද සුවිශේෂ ජයග්‍රහණයක් වී තිබේ.

ආණ්ඩුවට ක්‍ෂණිකව පාලනය කළ නොහැකි හාල් සහ පොල් මිල ඉහළ යාම ඇතුළු ඇතැම් කරුණු සම්බන්ධයෙන් පරාජිත බලවේග සහ ඇතැම් මාධ්‍ය ආයතන සැලැසුම්සහගතව ආණ්ඩු විරෝධී ප්‍රචාර ගෙන යමින් සිටින අතර, මේ ආකාරයේ රටට සහ ජනතාවට හිතකර දැවැන්ත ජයග්‍රහණ අත්පත් කර ගනිමින් සිටින බව විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn