මෙවර නවක මන්ත්‍රීවරියක ලෙස ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ද දරන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සිංහල සහ දෙමළ භාෂා දෙකෙන් ම ව්‍යක්ත ලෙස පාර්ලිමේන්තුව ඇමතීම පිළිබඳව ඉතිහාසයට එක් වන බව විචාරකයන්ගේ මතය වී තිබේ.
ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ නවක මන්ත්‍රීවරියක මෙන් ම නවක කැබිනට් අමාත්‍යවරියක ලෙස ද සිංහල සහ දෙමළ භාෂා දෙකම එක ලෙස යොදා ගනිමින්, එම ජාතිකත්ව දෙක අතර දැවැන්ත ආධ්‍යාත්මික ඒකාත්මිකතාවක් ගොඩනැඟීමට මෙම ඇමැතිවරිය පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ය.
මෙරටට විදේශ විනිමය උපයා දෙන මැදපෙරදිග ගෘහ සේවිකා කාන්තාවන් මෙන්ම වැවිලි කර්මාන්තයේ ශ්‍රමය වගුරන කාන්තාවන් සහ ඇඟලුම් කර්මාන්තයේ යෙදී සිටින කාන්තාවන් පිළිබඳව ද ඇමැතිවරිය විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා ය.
7,667










