කිරිඇල්ලගේ දුව ආරම්භයේ දී ම නොදන්නාකම හෙළි කරයි 

කිරිඇල්ලගේ දුව ආරම්භයේ දී ම නොදන්නාකම හෙළි කරයි 

සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ දියණියගේ නොදන්නාකම හෝ දැනුම්වත්ව කරුණු විකෘති කිරීම හෝ පිළිබඳව අද (03දා) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ම අනාවරණය වී තිබිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ පොහොට්ටු ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන ලද ගිවිසුමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළ බව ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය.

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අතර, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ එක් මන්ත්‍රීවරියක තේරී පත් වී සිටියහ. එසේ තිබිය දී, ජනතා විමුක්ති පෙරමුණ එම ගිවිසුමට විරුද්ධ වූ බව පැවසීම වැරැදීමකටත් වඩා සිතාමතා ම කරුණු විකෘති කිරීමට දරන ලද ප්‍රයත්නයක් දැයි සමාජ මධ්‍ය ක්‍රියාකාරිකයෝ ප්‍රශ්න කරති.

Facebook
Twitter
LinkedIn