හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මෙන් ම ජාතික ආරක්‍ෂාව පිළිබඳ උපදේශකයා ලෙස කටයුතු කළ සාගල රත්නායක ගාල්ල දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කයට පැන නාම යෝජනා ලබා දී තිබේ.
ලබන නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වනවාට වඩා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක තිබීම නිසා මෙම පිම්ම පැන තිබේ.
මෙම තත්ත්වය තුළ කොළඹ දිස්ත්‍රික්කයට රනිල් පිලෙන් තරග කරන සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් බරපතළ අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තා වේ.
2,895










