ප්‍රබලයෙකු ලඟ නීතිවිරෝධී ඇතුන් දෙදෙනෙක්

ප්‍රබලයෙකු ලඟ නීතිවිරෝධී ඇතුන් දෙදෙනෙක්

මේ වනවිට තංගල්ල වීරකැටිය පාරේ වත්තක සද්දන්ත ඇතුන් දෙදෙනෙකු ගැට ගසා සිටින බවත් එම ඇතුන් දෙදෙනා නීතිවි රෝධීව සන්තකයේ තබා ගෙන සිටින ඇතුන් දෙදෙනෙකු බවත් වාර්තා වේ.

මෙම වත්ත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට අයත් වත්තක් බවත් මෙතෙක් මෙම ඇතුන් දෙදෙනා හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොතේ ලියාපදිංචි කර නැති බවත් වාර්තා වේ.

මෙම ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් මීට වසර ගණනාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් අරඹා ඇතත් පසුව එවකට නීතිපති මැදිහත්ව එම පරීක්ෂණ එහි නඩු පැවරීම අවහිර කර ඇත.

පසුව මෙම ඇතුන් දෙදෙනා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්නස් පත්‍රයක් මගින් ලබා දී ඇතැයි අධිකරණයට දන්වා තිබේ.

කෙසේ වෙතත් මෙම ඇතුන් දෙදෙනා ලබා ගත් ආකාරය හෙළි වී නැති අතර හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොතටද ඇතුළත් කර නැත. මෙරට නීතිය අනුව එලෙස ලියාපදිංචි නොකර හීලෑ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි ප්‍රබල වරදකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්