ජාතික ජන බලවේගය සහ එහි නායකයින් සම්බන්ධයෙන් නැවත වරක් විවිධ අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු ප්‍රචාරය කිරීම ආරම්භ කර ඇති අතර මෑත අතීතයේ එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී මෙන් ම, ඉන් පිටතදී ද ප්‍රබල හඬක් නැගීමට සිදුවී තිබිණි.
ගෝල්ෆේස් පිටියේ පවත්වන ලද සාමකාමී මහජන උද්ඝෝෂණයට රාජපක්ෂ මැරයන් ම්ලේච්ඡ ලෙස පහරදීමට එරෙහිව ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට දිගින් දිගටම අභූත චෝදනා එල්ල කර තිබිණි. පාර්ලිමේන්තුවේදී එවැනි චෝදනාවලට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පිළිතුරු දුන් ආකාරය නැවත වරක් අවබෝධ කර ගැනීම මෙම මැතිවරණ සමයේදී අත්‍යාවශ්‍ය වේ.
3,773










