ලේ විලක් නෑ – මල් විලක්

ලේ විලක් නෑ – මල් විලක්

ජනාධිපතිවරණයට පෙර විශේෂයෙන් ම සමගි ජන බලවේගයෙන් ජනතාව භීතියට පත් කෙරෙන ප්‍රචාර රැසක් සිදු කළ අතර රනිල් පිල මෙන් ම, තවත් බොහෝ දෙනෙකු ද එවැනි ප්‍රචාර නැවත සමාජ ගත කිරීමේ යෙදී සිටියද, පශ්චාත් මැතිවරණ සමයේදී ජාතික ජන බලවේගයේ හිතවතුන් විසින් ඔප්පු කළ සංහිඳියාව පිළිබඳව සෑම දෙනාගේ ම පැසසුම් ඉහළින්ම ලැබෙමින් පවතී.

මේ අතරට, පසුගිය සති අන්තයේ පුවත්පත්වල ලිපි පළ කරන බොහෝ දෙනෙකුගේ අවධානය විශේෂයෙන් යොමු කර තිබිණි. රනිල් හිතවාදී මත දක්වන්නියක ලෙස ප්‍රකට තිසරණී ගුණසේකර පසුගිය 06 වෙනිදා අනිද්දා පුවත්පතට පශ්චාත් මැතිවරණ සංහිඳියාව සම්බන්ධයෙන් තබන ලද සටහන උපුටා ගෙන පහත දැක්වේ.

“මෙවර මැතිවරණය පමණක් නොව, පශ්චාත් මැතිවරණ සමය ද, පෙර නොවූ විරූ ලෙස සාමකාමී විය. මෙහි ගෞරවය හිමිවිය යුත්තේ ජාජබ / ජවිපෙට ය. තමන් ජයග්‍රහමණය කළ පසු කිසිදු සිදුවීමක් වන්නට ඉඩ හරින්නේ නැතැයි මැතිවරණ ව්‍යාපාරය තුළ ඔවුන් දුන් පොරොන්දුව මැතිවරණයෙන් පසු ඉටු කිරීමට ඔවුන්ට හැකිවිය.” යනුවෙන් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්