ආචාර්ය හරිනි අමරසූරිය මෙරට තුන්වැනි අගමැතිවරිය ලෙස පත් වන අතර, ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ඉංජිනේරු ක්‍ෂේත්‍රයෙන් ලෝකයම ජය ගනිමින්, ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දී සිටින්නී ය.
ආචාර්ය නදීෂා චන්ද්‍රසේන හට ලෝකයේ හොඳම ඉංජිනේරු සැලැසුමට හිමි සම්මානය ඕස්ටේ්‍රලියාවේ දී හිමි වී තිබේ. ඇය ‘ටෙස්ලා’ සමාගම ද පරදා ලෝකයේ ඉහළ ම නව ඉංජිනේරු නිර්මාණ සැලැසුම් 21ක් ද පරදා මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇත.
ශ්‍රී ලංකාවට මෙම කීර්තිය ලබා දීමත් සමඟ සම්මානය ලබා ගැනීමේ දී ප්‍රකාශ කර තිබෙන්නේ, “මගේ රට ශ්‍රී ලංකාව. මේ සම්මානය ඒ රමණීය කුඩා දිවයිනට. අපට නිදහස් සෞඛ්‍ය සේවය දුන්න, අපට නිදහස් අධ්‍යාපනය සරසවිය තෙක් ලබා දී අප ගෝලීය පුරවැසියන් කළ මගේ රටට. ඒ රටේ මගේ ආදරණීය මිනිසුන්ට” යනුවෙන් ප්‍රකාශ කර ඇත. පසුගිය 24 වැනි දින මෙම සම්මානය ආචාර්ය නදීෂා චන්ද්‍රසේන වෙත ලබා දී තිබේ.
29,265










