සජිත්ගේ හීනයෙන් ලක්‍ෂ හතක් දැනටමත් කඩාවැටිලා !

සජිත්ගේ හීනයෙන් ලක්‍ෂ හතක් දැනටමත් කඩාවැටිලා !

සමඟි ජන බල සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මේ වන විට ද නම් කිරීම පිළිබඳව එම පක්‍ෂය අභ්‍යන්තරයෙන් ම විරෝධයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ලබන මහා මැතිවරණය වෙනුවෙන් පක්‍ෂය මෙහෙයවනවා වෙනුවට සජිත් ප්‍රේමදාස තමන්ගේ බලලෝභී බව ප්‍රදර්ශනය කර ඇතැයි මේ වන විට දැඩි නිහඬතාවකට පත්ව සිටින ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත් පමණක් නොව ලක්‍ෂ්මන් කිරිඇල්ල පවා ඔවුන්ගේ හිතවතුන් සමඟ ප්‍රකාශ කර තිබේ.

මේ අතර, රනිල් පිල සමඟ එක් වීම සම්බන්ධයෙන් ද සජිත් ප්‍රේමදාස උද්දච්ච ප්‍රකාශ නිකුත් කළ ද, ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ ම ඔහුගේ ඡන්ද සංඛ්‍යාව ලක්‍ෂ හතකට වැඩි ප්‍රමාණයකින් කඩාවැටී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ලබා ගත් 43,63,035ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් උතුර, නැඟෙනහිර සහ කඳුකර ඡන්ද ඉවත් වීමෙන් මෙම කඩාවැටීම සිදු වන බව පෙන්වා දී තිබේ. නුවරඑළිය – මස්කෙළිය ආසනයෙන් ඡන්ද ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් එසේ ඉවත් වන අතර, යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 1,21,177ක්, වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද 95,422ක්, මඩකළපුවෙන් ඡන්ද 1,39,000ක් පමණ මෙන් ම දිගාමඩුල්ලෙන් ඡන්ද 1,40,000ක් පමණ ද, ත්‍රිකුණාමලයෙන් ඡන්ද 94,000ක් පමණ ද මෙසේ ඉවත් වන බව පෙන්වා දී ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ලබා ගත් ලක්‍ෂ 55ක ඡන්ද ප්‍රමාණය පවා ලබා ගැනීමට මෙවර සජිත් ප්‍රේමදාස අපොහොසත්ව සිටී. එය ඡන්ද ලක්‍ෂ 43 දක්වා ලක්‍ෂ 12කින් පහත  වැටී ඇත.

එසේ තිබිය දී, රනිල් පිල සමඟ එක් වීම වෙනුවට රනිල් පිල මඟින් එවනු ලබන මහේෂ් සේනානායක, වරුණ දීප්ත රාජපක්‍ෂ වැනි දේශපාලන පිල්ලි සමඟි ජන බලවේගයේ අනෙකුත් නායකයන්ට හොරෙන් එක් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්