ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්වීම්වලට රජය වග කියනවා – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්වීම්වලට රජය වග කියනවා – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ මහනුවර දී ඊයේ (28) මාධ්‍යවේදීන් හමුවෙිය.

තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනාවලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට නොපැකිලෙන බවද ඇය එහිදී අවධාරණය කර ඇත.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අගමැතිවරිය ඊට ලබා දුන් පිළිතුරු පහතින් දැක්වේ.

ප්‍රශ්නය:- මහ මැතිවරණය සඳහා ඔබලාගේ සූදානම කොහොමද?

පිළිතුර:- මහ මැතිවරණය සඳහා අප හොඳින් සූදානම් විය යුතුයි. ජනාධිපතිවරණයේදී අපට ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි අප විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- තුන් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට රටේ වගකීම ඉටු කරගන්න හැකිවේද?

පිළිතුර:- අප මෙය බාර ගත්තේ ඒ කැපකිරීම කරන්න සූදානමින්. අප මේ කාලයේදී ඒ වගකීම බාර ගත්තා.

ප්‍රශ්නය:- රජයේ ඉහළ තනතුරු සඳහා චෝදනා ලත් නිලධාරීන් පත් කර තිබෙන බවට යම් චෝදනාවක් නැගෙනවා.

පිළිතුර:- අපේ පාලනය යටතේ යමෙකු චෝදනාවලට ලක් වුණොත් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පැකිලෙන්නේ නැහැ. අප දැනටත් සාධනීය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉදිරියටත් එවැනි වෙනස්කම් කරනවා.

ප්‍රශ්නය:- අධ්‍යාපනය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවන බවට සමාජයේ මතයක් තිබෙනවා. එය විධිමත් කරන්නට වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර:- මට ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මුණ ගැසෙන්නට අවස්ථාවක් ලැබුණා. ජාතික ජන බලවේග ආණ්ඩුවට අධ්‍යාපනය යනු ප්‍රමුඛ කාර්යභාරයක්. අද අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය හොඳටම බිඳ වැටිලා. අපගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඒ බිඳවැටුණු විශ්වාසය නැවත ගොඩනැගීමයි. දරුවන්ට සතුටින් පාසල වෙත යාමට පසුබිම සැකසිය යුතුයි. මාපියන්ටත් අධ්‍යාපනයේ බරක් නොවිය යුතුයි . ගුරුවරුන්ටත් තම වෘත්තිය සතුටින් කරගෙන යාමට පසුබිම සැලසිය යුතුයි.” යනුවෙන් අගමැතිවරිය පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්