ජනාධිපති, අනුර නීතිපති හමු වෙලා

ජනාධිපති, අනුර නීතිපති හමු වෙලා

ජනාධිපති, අනුර කුමාර දිසානායක නීතිපතිවරයා කැඳවා උපදෙස් ලබාගෙන ඇති බව ‘දේශය’ පුවත් පත හෙළි කර ඇත.

මෙසේ උපදෙස් ලබාගෙන ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නම් කර සිටින ලක්‍ෂ්මන් නිපුණආරච්චි එම ධුරයේ දිවුරුම් නොදී සිටිය ද, ගැසට් නිවේදනයක් මඟින් එම මන්ත්‍රී ධුරය ලබා දී ඇති බව ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙනි. මෙයට පෙර බැසිල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණ ද, මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට පෙර මුදල් සහ ආර්ථික ඇමැති ලෙස දිවුරුම් දී තිබිණි.

මෙම තත්ත්වය පිළිබඳව නීතිපතිවරයාගේ මතය ජනාධිපති, අනුර විමසා ඇත. නීතිපතිවරයාගේ අදහස වී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී නැති තත්ත්වයක් තුළ අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීම නීත්‍යනුකූල නොවන බවයි. එම මතය පිළිගත් ජනාධිපතිවරයා මේ වනවිට ලෝකයේ කුඩා ම කැබිනෙට් මණ්ඩලය වන ත්‍රිපුද්ගල කැබිනෙට් මණ්ඩලයකින් විධායකය මෙහෙයමින් සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්