ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඉදිරි සතිය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.
එහි කැඳවුම්කරු ඩි.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ ත්‍රීකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි නීති විරෝධී ආකාරයෙන් ඉන්දියන් තෙල් සමාගම පරිහරණය කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් අවධානය යොමුකළ යුතු බව ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
20










