එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන්නැයි තමන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න සජිත් ප්‍රේමදාස හමුවේ අවධාරණය කර ඇත.
ඒ ඊයේ (16) දඹුල්ලේදී සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සහභාගිත්වයෙන් පැවති රැලිය සඳහා මාතලේ දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරාද එක්වීමට විරෝධය දක්වමිණි.
හිටපු රාජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවට ගොඩවීමෙන් පසු ඔහු වේදිකාවෙන් නික්ම යන තුරු තමන් වේදිකාවට ගොඩ නොවන බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න වේදිකාවට ගොඩනොවී විරෝධය දක්වමින් සිට ඇත.
කෙසේ වෙතත් පසුව ඔහු වේදිකාවෙන් බැස රැස්වීම් භූමියෙන් ඉවත්ව ගොස් ඇති අතර ඉන් පසුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසද වේදිකාවේ සිටියදී සිය කතාව පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න ඉතා දැඩි ස්වරෙන් සඳහන් කර ඇත්තේ “සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබූ නමුත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන්න” යනුවෙනි.










