ලංගම රැකගන්න සේවකයන් සටනක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වෘත්තීය සමිති බහුතරයක් එක්ව පසුගියදා පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම වෘත්තීය සංගම් ඒකාබද්ධ ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට එකඟ තාවයකට පැමිණ ඇතැයි ලංගම සුරැකීමේ සේවක සන්ධානය පවසයි.

ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික නිදහස් සේවක ප්‍රවාහන සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සමිතිය, සමස්ත ලංකා මෝටර් සේවක සමිතිය, සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සේවක සමිතිය මෙම ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සම්බන්ධ වීමට එකඟ වී තිබේ.

ශ්‍රී ලංගම පෞද්ගලීකරණය, ලංගම මූල්‍ය ප්‍රතිපාදන කප්පාදුව සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම, සේවකයන් ගේ ක්‍රියාවලිය දීර්ඝ නොකිරීම, අර්ථසාධක මුදල් බැංකුගත නොකිරීම යනාදී ගැටලු රැසකට එරෙහිව ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගන්නා බව ලංගම සුරැකීමේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ලංගම සුරැකීමේ සේවක සන්ධානයේ සභාපති සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.


Facebook
Twitter
LinkedIn