අතුරුදහන් සැරයන් ගැන පොලීසියට හෝඩුවාවක්

වව්නියාව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදී අතුරුදන් වූ පොලිස් සැරයන්වරයා පිළිබඳව වැදගත් තොරතුරක් අනුරාධපුර වැසියකුගෙන් පොලිසියට ලැබී ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු 42ක තිදරු පියෙකු වන ඔහු වව්නියාව කුඩාකච්චිකුඩියේ නිධන් හෑරීමට ගිය ව්‍යාපාරිකයන් පිරිසක් එවකට එහි සිටි නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය මත අත්අඩංගුවට නොගත්තැයි කියන සිද්ධියේ පරීක්ෂණ කණ්ඩායමේ සැරයන්වරයකු බව පැවසේ.

එම සැරයන් අගෝස්තු හත් වැනිදා සිට ආගිය අතක් නැති බව ඔහුගේ බිරිය තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

නිධන් හැරීමේ සිද්ධියක සැකකරුවන්ට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කටයුතු කළ මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වේ.

Facebook
Twitter
LinkedIn