පිස්සු පූසා යහතින් කාගෙන යයි – දැනටමත් කෝටි 08ක් කෑවා

පිස්සු පූසා යහතින් කාගෙන යයි – දැනටමත් කෝටි 08ක් කෑවා

ගෝටාබය රාජපක්ෂ විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස ක්‍රියා කළ උපාලි අබේරත්න ඇතුළු කොමිසම වෙනුවෙන් මහජන ධනය රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වැය කර ඇති අතර එම උපාලි අබේරත්න මේ වනවිටද තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති ලෙස ක්‍රියාකරමින් සිටී.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති සමයේ පත් කළ උපාලි අබේරත්න සභාපති ධුරය දැරූ කොමිෂන් සභාව “පිස්සු පූසා කොමිසම” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද අතර ගැසට් පත්‍රයේ පල කර තිබූ විශය පතයෙන් පිට ක්‍රියා කිරීමට තරම් දේශපාලන පලි ගැනීමක නිරත විය. එම කොමිෂන් සභාවෙන් වරදකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු 09 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම් විභාග කර බැලීමෙන් පසුව පෙත්සම්කරුවන් 09 දෙනාට රුපියල් 150,000 බැගින් නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කරමින් පිස්සු පූසා කොමිසමේ නිර්දේශ ඉවත දැමීය. එහෙත් එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න මේ වනවිටත් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති ධුරය දරමින් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වූ තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය විවිධ ආකාරයෙන් උල්ලංඝණය කරමින් සිටින බවට චෝදනා එල්ල වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්