පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පිලෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ විජයමුනි සොයිසා හෙවත් “අප්පච්චි මළා“ රනිල් වික්‍රමසිංහ සමඟ එක් වී තිබේ.
ඔහු මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සිටි අතර පසුව දැඩි රාජපක්ෂවාදියෙකු ලෙස පෙනී සිටියේ ය.
2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ වහාම “අප්පච්චි මැරුණා ම වලේ දානවා මිස ඒ ගේ මැද තබා ගෙන ඉන්නේ නැති“ බවට තර්ක කරමින් මෛත්‍රිපාල සිරිසේන සමඟ එක් විය. එතැන පටන් “අප්පච්චි මළා“ ලෙස ප්‍රකට වූ ඔහු සජිත් ප්‍රේමදාස සමඟ එක් වූයේ ය.
1,164










