රනිල්, දැන් ඉතින් වැඩක් නෑ – ජනතාවට සියල්ල පැහැදිලියි

රනිල්, දැන් ඉතින් වැඩක් නෑ – ජනතාවට සියල්ල පැහැදිලියි

රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට අවුරුදු 27ක් පිරුණු බව කියමින් පවත්වන ලද ජන හමුවට සහභාගී වූ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ කතාවේ දී ඩීල් සියල්ල හෙළි කර තිබේ.

ඔහු එම කතාවේ දී විශේෂයෙන් අවධාරණය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය යන වේදිකා තුන ම තමන්ට විවෘතව ඇති බව ය. ඒ බව සඳහන් කළේ “මේකේ එක ලක්ෂණයක් තියෙන්නේ, මට අද පුළුවන් වෙලා තියෙනවා යන්න එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමටත්, පොහොට්ටුවේ රැස්වීමටත්. ඊයේ රෑ මං හිටියේ සජබ කට්ටිය එක්ක. මට ඕන නම් ඒ රැස්වීමටත් යන්න පුළුවන්. මාව පන්නන්න කවුරුත් නෑ. ඉතින් අපි මේ කාලයේ එකට වැඩි කරනවා” යනුවෙනි.

මේ දක්වා වේදිකා තුනකට වී ජනතාව නොමඟ යැවීමට දේශපාලන රංඟනයක යෙදී සිටි රාජපක්ෂ පවුල, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ඇතුළු සියල්ලන්ගේ ඩීල් දේශපාලනය තව දුරටත් ගෙන යාමට නොහැකි වීම නිසා මේ ලෙස එළිපිට ම අභ්‍යන්තර දේශපාලන රහස් හෙළි කරමින් සිටින බව මෙයින් පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn