මහින්දානන්දට හෙට මොකද වෙන්නේ?

මහින්දානන්දට හෙට මොකද වෙන්නේ?

මහින්දානන්ද අලුත්ගමගේ මහජන මුදල් අවභාවිතා කරමින් ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම පිළිබඳව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් තීන්දුව හෙට (11) ලබා දීමට නියමිත ය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දෙවන වාරය නිමා කරමින් 2015 ජනවාරි 08 වෙනි දින පවත්වන ලද ජනාධිපතිවරණය වෙනුවෙන් මහජන මුදල් අවභාවිතා කර සිල් රෙදි බෙදා දීම ඇතුළු ඡන්ද අල්ලස් විශාල වශයෙන් ලබා දී තිබිණි. ඒ සම්බන්ධ නඩු ගණනාවක් පැවති අතර මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ද එල්ල වී තිබෙන්නේ සමාන චෝදනාවකි.

Facebook
Twitter
LinkedIn