සජිත්ගේ තවත් බලාපොරොත්තුවක් සුන් වෙලා

සජිත්ගේ තවත් බලාපොරොත්තුවක් සුන් වෙලා

සමගි ජන බලවේගයට එක්කර ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටි පොහොට්ටු මන්ත්‍රීවරු ගණනාවක් සම්පූර්ණයෙන් ම අහිමි වී ගොස් ඇත.

මහාචාර්ය චන්න ජයසුමන, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පොහොට්ටු මන්ත්‍රීන් පිරිසක් මේ අතර සිටිති. ඔවුන් 2022 වසරේ මුල් කාලයේ සිට පොහොට්ටුවෙන් ස්වාධීන වී කටයුතු කරමින් සිටි අතර තීරක දේශපාලන බලවේගයක් ලෙස ගොඩ නැගීමට ද උත්සාහ දැරීය.

එම පිරිස සමගි ජන බලවේගයට එක්කර ගැනීමට සජිත් ප්‍රේමදාස දැඩි ප්‍රයත්නයක යෙදී සිටියේ ය. එහෙත් ඔවුන් මේ වනවිට වෙනත් සන්ධානයක් පිහිටුවා ගෙන ඇති අතර එම සන්ධානය තිරය පිටුපස සිට රනිල් වික්‍රමසිංහ විසින් හසුරුවන බවට ප්‍රබල සැකයක් පවතී.

ඔවුන් එළිපිටම ප්‍රකාශ කර තිබෙන්නේ පොහොට්ටුව හැර යන ඡන්දදායකයන් ජාතික ජන බලවේගයට එක්වීම වැළැක්වීම සඳහා ම එම නව සන්ධානය පිහිටුවන බව ය.

Facebook
Twitter
LinkedIn