මොන ඡන්දය තිබ්බත් රනිල් පරදින බව රංගෙ බණ්ඩාර නිල වශයෙන් පිළිගෙන අවසන් – වෛද්‍ය නලින්ද ජයතිස්ස

මොන ඡන්දය තිබ්බත් රනිල් පරදින බව රංගෙ බණ්ඩාර නිල වශයෙන් පිළිගෙන අවසන් – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඉදිරියේ එන ඕනෑම ඡන්දයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරදින බව රංගෙ බණ්ඩාර නිලවශයෙන් පිළිගෙන අවසන් බවත් ඉදිරි ඡන්ද කල් දැමීමට රනිල් වික්‍රමසිංහට නොහැකි බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කරන්නේ තව අවුරුදු දෙක්ක රනිල් වික්‍රමසිංහට බලයේ සිටීමට ඉඩ දී මැතිවරන කල් දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දකවමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස,

“එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ යම් යම් කණ්ඩායම් තැන් තැන්වල ඡන්දයක් නොතියා මේ ජනාධිපතිට තව බලය දෙමු, තව අවුරුදු දෙක්ක රනිල් වික්‍රමසිංහට ඉන්න දෙමු වගේ කතන්දර කියන්න පටන් අරගෙන තියෙනවා. ඒවා පහුගිය දවස්වල අපි කිසිදු තඹේකටවත් ගණන් ගත්තේ නැහැ, තැකීමක් කරේ නැහැ, මොකද එවැනි කතා කිසිදු වගතුවක් නැහැ, වගවීමක් නැහැ ඒව ගණන් ගන්න ඕන නැහැ.

නමුත් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ මහලේකම්වරයා වන රංගේ බණ්ඩාර අද ප්‍රකාශයක් කරලා තියෙනවා ජනාධිපතිවරණය තියෙන්නෙත් නැතුව මහ මැතිවරණය තියන්නෙත් නැතුව අවුරුදු දෙකක් මේ ජනාධිපතිටයි ආණ්ඩුවටයි යන්න දෙන්නය, ඒක එහෙම යන්න දෙන්න ජනමත විචාරණයක් අවශ්‍යනම් ඒක තියමු කියලා. ඒකත් අනිවාර්යයෙන් තියන්න ඕන කියලා නැහැ. ජනාධිපතිවරයාගේ පක්ෂයේ මහ ලේකම්වරයා වන රංගෙ බණ්ඩාර පිළිගන්නවා නිල වශයෙන්ම, ජනාධිපතිවරණයක් හෝ වේවා මහ මැතිවරණයක් වේවා කවර ඡන්දයක් තිබ්බත් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රසිංහ පරාදයි කියන එක පිළි අරගෙන තියෙනවා. ඔවුන් ඒක ප්‍රසිද්ධියේම පිළි අරගෙන තියෙනවා.

නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ රංගෙ බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙනවයි කියලා මේ රටේ ජනතාවගේ අයිතිය පරමාධිපත්‍ය බලය උල්ලංඝණය කරන්න, ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. මේක බරපතල ප්‍රකාශයක් හැටියට අපි සළකනවා. රංගෙ බණ්ඩාරලට මෙවැනි ආකාරයේ කුමන්ත්‍රණ කරන්න හිතන්නවත් අවස්ථාවක් අයිතියක් මේ රටේ ජනතාව දීල නැහැ. එමනිසා ජනාධිපතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයෙන් පස්සේ එළඹීමට නියමිත මහ මැතිවරණය නොපවත්වා තමන්ගේ බලය ඉදිරියට අරගෙන යන්න රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත රංගෙ බණ්ඩාරලා ක්‍රියා කරනවානම්, කල්පනා කරනවානම් ඒකට මේ රටේ ජනතාව දෙන්න ඕන පිළිතුර ක්ෂණිකව ලබාදේවි.”

Facebook
Twitter
LinkedIn