සජිත්ගේ නිහඬබවට පාඩමක් උගන්වයි

සජිත්ගේ නිහඬබවට පාඩමක් උගන්වයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිහඬව සිටියදී රාජ්‍ය සේවකයින් විරෝධය පළ කිරීමට පටන් ගෙන තිබේ.

පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කිරීමට එරෙහිව එම කාර්යාලයේ සියලු සේවකයින් පසුගිය සඳුදා දැක් වූ විරෝධතාවයෙන් අනතුරුව ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ම රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගන්නා බව ද අවධාරණය කර ඇත.

සජිත් ප්‍රේමදාසට අමතරව රාජ්‍ය පරිපාලන ඇමති සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මෙන් ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තර්ජනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය ද සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන බව පරිපාලන නිලධාරීන්ගේ සංගමය ද අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn