පෙර-මෝසම් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කරමින් පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම දිවයින හරහා විටින් විට පැකිමී 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
263









