“සරසවි සිසුන්ට පහර දීම” නැමති ශීර්ෂය යටතේ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාගේ අත්සන සහ ජවිපෙ ලිපි ශීර්ෂ යොදාගනිමින් අන්තර්ජාලයේ පලවන මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ජවිපෙ නමින් පවත්වාගෙන යනු වාජ්ය වෙබ් අඩවියට හා මාධ්‍ය නිවේදනවලට නොරැවටෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.
දේශපාලන වශයෙන් පරාජය වී බංකොලොත් වූ පිරිසක් ජනතාව නොමග යැවීමේ අරමුණෙන් https://www.facebook.com/JVP-Sri-Lanka-1437235579937607/ නමින් ජනතා විමුක්ති පෙරමුණට සමාන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යනු ලබන බවත් මේ පිළිබඳව ජවිපෙ මීට පෙරද ජනතාව දැනුවත් කර ඇති බවත් එසේම ජවිපෙ ලේකම්වරයා වශයෙන් තමන්ගේ අත්සන හා ලිපි ශීර්ෂ ව්‍යජ ලෙස යොදා නිවේදන පළ කරමින් තිබෙන බවත් ටිල්වින් සිල්වා මහතා පවසයි.
පසුගියදා HNDA සිසුන්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ ජවිපෙ ලේකම්වරයා ලෙස තමා නිකුත් කළ නිවේදනයක් එසේ පළ කර ඇති “සරසවි සිසුන්ට පහර දීම” නම් නිවේදනයද අසත්‍ය නිවේදනයක් බවත් ඒ මහතා පවසයි.
ජවිපෙට එරෙහිව දේශපාලනය කිරීම තම එකම අරමුණ බවට පත් කර ගත් බංකොලොත් කල්ලියක් විසින් සිදු කරන මෙම බියගුලු හා සදචාර විරෝධී ප්‍රචාරයන්ගෙන් නොමග නොයන ලෙස සියලු ජනතාවගෙන් අපි ඉල්ලා සිටින බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටී.
මේ පිළිබඳව පොලිස්පතිවරයා ඇතුළු අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමටද පියවර ගන්නා බවද ඒ මහතා තවදුරටත් පැවසීය.
සත්‍ය මාධ්‍ය නිවේදනය පහතින් පල වේ.










